ප්‍රමුඛ පුවත 1

ත්‍රිවිල් මීටර නීතිය අනිවාර්ය කිරීම කඩිනමින් [VIDEO]

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරිය පවසන ආකාරයට 2018 වසරේදී ත්‍රීරෝද රථ සඳහා මීටරය අනිවාර්යය කිරීමේ නීති හදුන්වා දුන්නද එය බලාත්මක කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවයි.

මේ හේතුවෙන් ත්‍රීරෝද රථ භාවිත කරන මගී ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් රජය සමඟ සාකච්ඡා කර ත්‍රිරෝද රථ මීටරය අනිවාර්ය කිරීමේ නීතිය කඩිනමින් බලාත්මක කිරීමට මැදිහත් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් සුනඛ රෝගයක් හමුවේ…

Mohamed Dilsad

මැතිවරණ නීති සංශෝධනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment