ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව සැසිවාරය අවසන්

 

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බවට වාර්තා වේ.

සතියක කාලයකින් පසුව පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ඔහුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ සියලු කමිටු අවසන් වන අතර, නැවත පාර්ලිමේන්තුව ආරම්භයේදී ඒ සඳහා අලුතින් සමාජිකයන් පත් කිරීමටද නියමිතය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (03දා) පෙ.ව. 10.30ට කෝප් කමිටු සාමාජිකයන් කැඳවා ඇත.

එසේ වුවද පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළහොත් ඒ සියල්ල අවසන් බවද සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි බාරගැනීමට විශේෂ ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment