ප්‍රමුඛ පුවත 1

ජනපති ආරක්ෂකයින් පොලිස් කොට්ඨාස වෙත

 

(UTV | කොළඹ) – ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනපති ආරක්ෂක අංශයේ රාජකාරී කරමින් සිටි නිලධාරීන් 900ක් වෙනත් පෙලිස් කොට්ඨාස වෙත අනියුක්ත කරන ලෙස උපදෙස් දී තිබේ.

ජනපති ආරක්ෂක අංශයේ බොහෝ පිරිසක් රාජකාරියක් නොමැතිව කාලය ගත කරමින් සිටින බැවින් සහ පිරිවැය අවම කිරීමේ අරමුණින් හා මෙම නිලධාරීන්ගෙන් රට වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින් සේවය කිරීමට කැමති කොට්ඨාස දෙකක් දන්වන ලෙසත් නියෝග කර තිබේ.

ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7ක් මෙසේ වෙනත් කොට්ඨාස වෙත අනියුක්ත කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment