ප්‍රමුඛ පුවත 1

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

(UTV | කොළඹ) – නිසි අවසරයිකින් තොරව රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා ඊයේ (24දා) සිය පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.‍

මෙම ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා විසින් ශානි අබේසේකරගේ උපදෙස් මත බුද්ධි අංශ නිලධාරීන්ට, ආරක්‍ෂක අංශ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත් වූ බවට අනාවරණය වී තිබේ.

රටේ ඇති වී තිබෙන නව දේශපාලන වාතාවරණය නිසා මොහු මෙසේ සිය පවුල සමග විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තාවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

Mohamed Dilsad

2020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

ද්විත්ව පුරවැසිභාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහනයක්..

Mohamed Dilsad

Leave a Comment