ප්‍රමුඛ පුවත 1

ඉම්රාන් ඛාන්ගෙන් අගමැතිට ආරාධනා

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව සිය සතුට පළකර ඇත.‍

කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

පාකිස්තාන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සියලු මානයන්ගෙන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කිරීමට එරට අග්‍රාමාත්‍ය කැමැත්ත පළ කළේය.

එසේම පාකිස්තානයේ සංචාරයකට එක්වන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

Mohamed Dilsad

අගෝස්තු 05 අපොස උසස් පෙළ විභාගය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment