ප්‍රමුඛ පුවත 1

කථානායකගෙන් විශේෂ නිවේදනයක් [PRESS RELEASE]

(UTV | කොළඹ) – කථානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සතියේදී තීරණයක් ගන්නා බව පවසයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම සෙසු පක්ෂ නායකයින්ද කතානායකවරයා සමඟ සාකච්ජා කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කර තිබේ.

එහිදී බොහෝ දෙනෙකු රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජන මතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියාකළ යුතු බව සඳහන් කර තිබේ.

ව්‍යවස්ථානුකූලව ලබන වසරේ මාර්තු 01 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ මහමැතිවරණය පැවැත්වීම එක් යෝජනාවක් වන අතර මෙහිදී විකල්ප ක්‍රියාමාර්ග 03ක් සම්බන්ධයෙන් සාකච්ජා වී ඇත.

මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට අනෙක් යෝජනාව වේ.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කැමැත්තෙන් ඉවත් වී මහමැතිවරණයකට එළඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නව ජනාධිපතිවරයාට ඉඩ සැලසීම තවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා තම පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැදවීමට කථානායකවරයා කටයුතු කරන බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තායිලන්ත දරුවන් බෙර ගැනීමේ මෙහෙයුම් යළි ඇරඹේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

එජාප පසුපෙළ රනිල් සහ සජිත් සමඟ හමුවක් අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment