ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙන් බාධා

(UTV | කොළඹ) – අඹතලේ සිට මාලිකාන්ද දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසා ඇත.

එසේම කොළඹ 12 හා කොළඹ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අද (18) රාත්‍රීයට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

සජිත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමති අජිත් පී පෙරේරා බත්තල විදුලි බලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment