ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඉදිරියෙන්

 

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ත ඡන්ද 1,431,245 ක සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ගෙන තිබේ.

මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,368,384 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 45.67% ක් ලෙසින් වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 94,231 ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් ව සිටියි.

මෙය 3.28%ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ වන විට යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවම

Mohamed Dilsad

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment