ප්‍රමුඛ පුවත 1

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියළුම සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සහ පෞද්ගලික සේවා යෝජකයින්ට දැනුම්දීමක් සිදු කරයි.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර කිලෝමීටර් 40ට අඩු නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40ත්, 100ත් අතර නම් දිනක නිවාඩුවක් ද ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන අතර වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව මෙම නිවාඩු ලබාදිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේය.

එසේම ඡන්ද මධ්‍යස්ථානයට පවතින දුර කිලෝමීටර් 100ත් – 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සහ කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදී යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකාබද්ධයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

Mohamed Dilsad

ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment