ප්‍රමුඛ පුවත 1

මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර දැයෙන් සමුගනියි

 

(UTV | කොළඹ) – ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයනවිට ඒ මහතා 75 වන වියේ පසු විය.

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මළළ ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ ඒ මහතා 1960 වසරේදී ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූයේ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙක් ලෙසයි.

පසුකාලීනව යෝගානන්ද විජේසුන්දර මහතා වොලිබෝල් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට එක්විය.

මීටර 110 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ජාතික ශූරයා වූ යෝගානන්ද විජේසුන්දර මහතා 1967 වසරේදී බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට එක්වුවේය.

1979 වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ක්‍රීඩා පාසල ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත්කිරීමේ ප්‍ර‍මුඛයා වූ යෝගානන්ද විජේසුන්දර මහතා ක්‍රීඩා විද්‍යාතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

ජනපති නවදිල්ලිය නුවරට

Mohamed Dilsad

Leave a Comment