ප්‍රමුඛ පුවත 1

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

 

(UTV | කොළඹ) – ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 5 දෙනෙකු ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාලව විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය අද (14) ඒකමතිකව පිලිගනු ලැබුවේය.

විකුම් කළුආරච්චි, දම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැදි යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.

ඒ අනුව දෙසැම්බර් මස 02 වනදා මෙම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගනු ලබන පියවර දැනුම් දෙන ලෙසට විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

මෙම චෝදනා පත්‍රය යටතේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට මීට පෙර විත්තියේ නීතිඥයන් මූලික විරෝධතාවය පිළිගනුමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

73 වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment