ප්‍රමුඛ පුවත 1

මෙවර මැතිවරණ ප්‍රථිපල නොදෙන මාධ්‍ය ආයතන ගැන හෙළිදරව්වක්

(UTV | කොළඹ) – පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකෙක්ට සහ රජයේ මාධ්‍ය ආයතන දෙකකට මෙවර මැතිවරණ ප්‍රථිපල නිකුත් නොකිරීමට  බොහෝ දුරට ඉඩකඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වනවිට එම කොමිසමේ පැවැත්වෙන් මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය දින කිහිපයේ විකාශය කෙරුණු ප්‍රවෘත්ති විකාශ වල දේශපාලන පක්‍ෂ සඳහා ලබාදුන් ගුවන් කාලය සම්බන්ධයෙන් සැලකීමේදී මෙම මාධ්‍ය ආයතන පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුව මගින් සිදුකල සමීක්‍ෂණයකදී හෙළිව ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ අනුව අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු මෙම මාධ්‍ය ආයතන වලට මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තකයි [VIDEO]

Mohamed Dilsad

‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට මරණ දඬුවම්

Mohamed Dilsad

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment