ප්‍රමුඛ පුවත 1

රජයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – සිය ගැටළුවලට ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව  රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඒ ඊයේ (27) රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවය.

එම කමිටුවේ  සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කියා සිටියේ ඊයේ (27) උදෑසන ආරම්භ කළ වර්ජනය අද (28) උදෑසන 8 ට අවසන් කල බවයි.

නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩි කිරීමත් සමඟ තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

මෙම වර්ජනය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, සමස්ත ලංකා ගුරු අධ්‍යාපන සේවා සංගමය ඇතුළු රජයේ සේවයේ විධායක නිලධාරීන් ඇතුළත් වෘත්තීය සමිති 15 ක් එක් වුහ.

Related posts

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත්- අගමැති මැයි දින පණිවුඩය

Mohamed Dilsad

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment