Trending News

ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගැනීම සඳහා වියට්නාමයේ පූර්ණ සහය

(උදයම්,වියට්නාමය )  – ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගැනීම සඳහා වියට්නාමයේ පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද වියට්නාම ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

වියට්නාමයේ නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා ඊයේ පවත්වා තිබේ.

එරට ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡා පවත්වා ඇති අතර මෙහිදී වියට්නාම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු  ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළ අගය කරන බවය.

අග්‍රමාත්‍යවරයාගේ සංචාරය දෙරට අතර පැරණි මිතුදම් ශක්තිමත් කිරීමට මෙන්ම දෙරට අතර සබඳතා නව මානයකට එසවීමට ද හේතු වූ බව වියට්නාම ජනාධිපතිවරයා සඳහන්කර ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව රට සංවර්ධනය සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී කරුණු පැහැදිලි කර තිබේ.රටක අභ්‍යන්තර ස්ථාවරභාවය , ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ප්‍රධාන හේතු සාධකයක් වන බව එහිදී අවධාරණය වී ඇත.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී යන පරිදි සබඳතා ශක්තිමත් කරලීම හා දෙරටේ ජනතාව අතර සමීප සබඳතා ඇති කීරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබේ.

Related posts

Indonesia post-election protests leave six dead – Jakarta governor

Mohamed Dilsad

Afternoon showers expected today – Met. Department

Mohamed Dilsad

Mahinda Rajapaksa sworn in as new Premier

Mohamed Dilsad

Leave a Comment