ප්‍රමුඛ පුවත 1

ගෑස් හිඟයට විසඳුමක්

(UTV | කොළඹ) – ලිට්‍රෝ සමාගම විසින් ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක හදිසි මිලදී ගැනීමක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් අද (04) වරායට සේන්දු වූ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.

තවත් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක්හෙට (05) දිනයේදී පැමිණීමට නියමිත වේ.

එම තොග ඇණවුම් කර ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රතිසම්පාදනය ක්‍රියාවලිය යටතේ වන අතර ඒ අනුව මෙට්‍රික් ගෑස් මෙට්‍රික් ටොන් 6000 ක් ලබන සතියේ දිවයිනට ළඟා වනු ඇත.

එලෙස ආනයනය කෙරෙන ගෑස් තොග කඩිනමින් වෙළඳ පොළට මුදා හැරෙන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඇප වෙයි

Mohamed Dilsad

ජනපති අමෙරිකානු, ජපාන තානාපතිවරුන් හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment