විදෙස්

දකුණු කොරියානු හිටපු ජනපතිනියට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

(උදයම්,දකුණු කොරියාව )  –   දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ගුවෙන් හෙයිට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධිචෝදනා ගොනු කරයි.

අද  මෙලෙස ඇයට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

ඊට අමතරව බලය අයුතු ලෙස යොදා ගැනීම, බලහත්කාරකම් සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන චෝදනා ද ඇයට එරෙහිව එල්ල වී තිබේ.

65 හැවිරිදි පාක් ගුවෙන් හෙයි දෝෂාභියෝගයකින් බලයෙන් පහ කොට අත්අඩංගුවට ගැනුණේ ඇගේ සමීපතම මිතුරියක වන චොයි සූන් සිල් දේශපාලන බලපෑම් මත සමාගම්වලින් මුදල් ලබා ගත් බව හෙළිදරව් වීමෙන් පසුවය.

නමුත් තවමත්ව ඔවුන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඉරානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment