විදෙස්

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

(UTV| කොළඹ) –  උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමය වෙත ළඟා වුණි.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහාය.

විදෙස් වාර්තා සඳහන් කළේ  උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය චාරිකාවකින් ඔහු ඇතුළු නියෝජිත පිරිස වියට්නාමයේ ඩොං ඩැං දුම්රියපොළට ළඟා වූ බවයි.

ඉන්පසු ඔහු හැනෝයි අගනුවරට මෝටර් රථයකින් ගමන් කිරීමට නියමිතය.

දුම්රිය ස්ථානයේ සිට අගනුවරට යන මඟ දෙපස ධජ වනමින් ඔහුට සුබ පැතීමට බොහෝ පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

Mohamed Dilsad

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

Leave a Comment