ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (31) සහ අනිද්දා (01) දෙදින තුළ අදාළ සේවා ස්ථානවල දී පැවැත් වේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලුම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.

අදාළ දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය සේවයේ අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ඉදිරි ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්.

Mohamed Dilsad

තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද සිට

Mohamed Dilsad

පර්ලිමේන්තු විදුලි සෝපානේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment