ප්‍රමුඛ පුවත 1

තමිල්නාඩුවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

(උදයම්,කොළඹ ) –   තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(13) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

පවුල් 14කට අයත් පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද දිනයේ තමිල්නාඩුවේ සිට පැමිණිමට නියමිත කණ්ඩායම මේ වසරේ දිවයිනට පැමිණෙන පළමු සරණාගතයින් කණ්ඩායම වෙයි.

 

මෙරට යුදමය වාතාවරණය පැවති සමයේ සරණාතභාවය අපේක්ෂාවෙන් තමිල්නාඩුවට පළා ගිය පුද්ගලයින් දහස් ගණනක් එම ප්‍රාන්තයේ සරණාගත කඳවුරු වල රැදී සිටියේය.

 

ඔවුන්ට යළි මෙරටට පැමිණීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර 2016 වසරේදී එලෙස පැමිණ ඇති ශ්‍රී ලාංකික සරණාගතයින් සංඛ්‍යාව 852 ක්වේ.

Related posts

මිලියන 28ක රත්‍රං තොගයක් සමඟ පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් ඡන්ද නිරීක්ෂකයින් 1000ක්

Mohamed Dilsad

ජනපති – විපක්‍ෂ නායක සමඟ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment