ප්‍රමුඛ පුවත 1

තමිල්නාඩුවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

(උදයම්,කොළඹ ) –   තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(13) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

පවුල් 14කට අයත් පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද දිනයේ තමිල්නාඩුවේ සිට පැමිණිමට නියමිත කණ්ඩායම මේ වසරේ දිවයිනට පැමිණෙන පළමු සරණාගතයින් කණ්ඩායම වෙයි.

 

මෙරට යුදමය වාතාවරණය පැවති සමයේ සරණාතභාවය අපේක්ෂාවෙන් තමිල්නාඩුවට පළා ගිය පුද්ගලයින් දහස් ගණනක් එම ප්‍රාන්තයේ සරණාගත කඳවුරු වල රැදී සිටියේය.

 

ඔවුන්ට යළි මෙරටට පැමිණීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර 2016 වසරේදී එලෙස පැමිණ ඇති ශ්‍රී ලාංකික සරණාගතයින් සංඛ්‍යාව 852 ක්වේ.

Related posts

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම වසා දමයි

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment