ප්‍රමුඛ පුවත 1

අධික වර්ෂාවත් සමඟ පුත්තලමේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි

(UTV | කොළඹ) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.

පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින අයහපත් කාලගුණයත් සමඟ නොකඩවා ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලමේ නිවාස රැසක් යාලයෙන් යටව ඇති බවයි.

වර්ෂාවත් සමඟ ඇතිවී ඇති ගංවතුර තත්වය හේතුවෙන් පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ බවද අප පුත්තලම වාර්තාකරු පවසයි.

පුත්තලම පාලවිය, වන්නිතිව්, මදුරන්කුලිය ඇතුළු ප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවී ඇති අතර ඒ ගංවතුර හේතුවෙන් ඒ ප්‍රදේශවල පාසල් කටයුතු සඳහාද බාධා එල්ලවී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරවැසි පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීමට නෙදර්ලන්තය ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment