ප්‍රමුඛ පුවත 1

මාර්ග රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

(UTV | කොළඹ) – කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර – බුලුපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

උහුමීය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන අඹු සැමි යුවළක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨා සිංගප්පූරුව බලා පිටත්ව යයි [VIDEO]

Mohamed Dilsad

හීමෝෆීලියා දරුවන්ගේ ඖෂධ ගබඩා කිරීමට ශීතකරණ පහසුකම්

Mohamed Dilsad

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment