ව්‍යාපාරික

වතු කම්කරුවෙකුට පහලොස්දහසක අත්තිකාරම් මුදලක්

(UTV | කොළඹ) –  වතු කම්කරුවෙකුට රුපියල් පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් පැවසීය.

මෙම මුදල හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇත.

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට දසදහසක්ද රජය මගින් පන්දහසක මුදලක්ද ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ මස 27 දිනට යෙදී ඇත දීපාවාලි උත්සවයේදී වතු කම්කරුවෙකුට ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම අත්තිකාරම් මුදල ගෙවන බව වතු අධිකාරිවරුන් සදහන්කර සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බී ලූණු ආනයනය කිරීම ලාබයි – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

Editor O

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

Editor O

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

Leave a Comment