ප්‍රමුඛ පුවත 1

පුත්තලම – අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක්

(UTV | කොළඹ) – පුත්තලම – අරුවක්කාලු කසල අංගනයෙහි ඊයේ (07) රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර කාලයේදී මෙම පිපිරීම සිදුව ඇති අතර, කසල අංගනය ආසන්නයේ සිටින සේරක්කුලිය සහ කරතිව් ගම්මානවල ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කර ඇති අතර, එහිදී නළයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර , පිපිරුමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මේ හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලූ වෙත කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29ක් යළි කොළඹට හරවා යැවීමට කටයුතු කර තිබේ.

Related posts

පොල් ,පරිප්පු සහ අල සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂට CIDයට කැඳවීමක්

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment