ප්‍රමුඛ පුවත 1

පුත්තලම – අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක්

(UTV | කොළඹ) – පුත්තලම – අරුවක්කාලු කසල අංගනයෙහි ඊයේ (07) රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර කාලයේදී මෙම පිපිරීම සිදුව ඇති අතර, කසල අංගනය ආසන්නයේ සිටින සේරක්කුලිය සහ කරතිව් ගම්මානවල ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කර ඇති අතර, එහිදී නළයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර , පිපිරුමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

මේ හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලූ වෙත කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29ක් යළි කොළඹට හරවා යැවීමට කටයුතු කර තිබේ.

Related posts

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනේ [VIDEO]

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment