ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ ජාතිවාදී බව සුජීව සේනසිංහ කියයි [VIDEO]

(UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂට ඇත්තේ ජාතිවාදය පමණක් බවත් යුද්ධය අවසන් කිරීමෙන් පසු ජනතාව ඇමතූ ඔහු පළමුව, දෙවනුව ,තෙවනුව මගේ රට යනුවෙන් කල ප්‍රකාශය රටේ සාමාන්‍ය ජනතාව මුලා කිරීම සඳහා කළ ප්‍රකාශයක් බවත් අමාත්‍ය සුජීව සේනසිංහ ප්‍රකාශ කළේය.

හැටන් හි පැවති ජන හමුවක් අමතමින් අමත්‍යවරයා මේ බව කියා සිටියේය.

එවකට ශ්‍රී ලංකාව තුළ සම්පුර්ණයෙන්ම සිදු වුයේ පවුල් පාලනයක් බවත් නැවත රාජපක්ෂ පාලනයක් ආ පසු ජනතාවට වහල් භාවයෙන් මිදීමට කිසිසේත් අවස්ථාවක් නොලැබෙන බවත් ඔහු වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණයේදී රටේ ජනතාව පැහැදිලි තීන්දුවක් ගනිමින් රටට වැඩ කල හැකි නායකයින් පිරිසකට මේ රටේ ඉදිරි අනාගතය භාර දීමට තීන්දුවක් ගන්නා බවට සැකයක් නොසිතනා ලෙස සහ ජනතාවගේ පොරොන්දුව ඔවුන් අකුරටම ඉටු කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

Mohamed Dilsad

Leave a Comment