ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (04) දිනයේදී කොළඹට කැඳවා තිබේ.

පස්වරු 12.00 ට කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත අතර , පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරණය , ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුලු වත්මන් දේශපාලන තත්වය පිළිබද මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් ඊයේ (03) රාත්‍රියේදී පැවැත්විණි.

Related posts

නීතී විරෝධී සංක්‍රමණිකයින් 30ක් අත්අඩංගුවට ගැනේ.

Mohamed Dilsad

හැකි ඉක්මණින් මැතිවරණයකට යා යුතුයි – අතුරලියේ රතන හිමි

Mohamed Dilsad

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

Leave a Comment