ප්‍රමුඛ පුවත 1

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන 5ක් වේ

(UTV |කොළඹ) – පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ.

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ.

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙනි.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජූලි මස පස්වැනිදායි.

එම සංවර්ධන කටයුතු මේ මස දහවැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ලබන 17 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙම නම් කිරීමට සමගාමීව මඩකලපුව ගුවන් තොටුපොළ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද නම් කෙරේ.

මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCB ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය BTC ද වෙයි. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCC ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය RML ද වෙයි.

මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.

Related posts

මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සැකකටයුතු වෑන් රථයක් පිලිබඳ පරීක්‍ෂණ

Mohamed Dilsad

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

Leave a Comment