ප්‍රමුඛ පුවත 1

මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ සිරුරු අදත් හමුවෙයි [PHOTOS]

(UTV | කොළඹ) – හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී මියගිය තවත් ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීන් පවසයි.

ඒ අනුව ඊයේ දින සිට මේ වන විට මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවී තිබේ.

අද (28) අලුයම සොයාගත් එක ඇතින්නියකගේ මළ සිරුරක් අසළට වී කුඩා පැටවකු රැදී සිට ඇති අතර , කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය රැස්ව සිටි පිරිසගේ සිත් සතන් කම්පා කරන්නක් විය.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ කර ඇත.

මේ වන විට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක් වන අතර , මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් සදහන් කරයි.

මෙම සතුන්ගේ මිය යෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී.

මොවුන්ගේ මිය යෑම පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

මුහුදු රළ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment