ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි

(UTV | කොළඹ) – වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ජනවාරි මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ විශේෂඥ ෂාෆි සිහාබ්දීන් විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.

මෙම පෙත්සම අද (27) බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර , එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළ වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

නීති විරෝධීව සිංහල කාන්තාවන්ට වද සැත්කම් සිදුකළ බවට සහ නීති විරෝධී ලෙස දේපළ රැස්කළ බවට චෝදනා කරමින් රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් කඩවූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේය.

Related posts

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කුරුඳුවත්තේ පිහි 9ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment