විදෙස්

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19ක් මරුට[VIDEO]

(UTV| කොළඹ) – පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් හටගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නගරයේ ප්‍රධාන මාර්ගයේ විශාල ඉරි තැලීම් දක්නට ලැබෙන අතර නිවාස බොහොමයකට හානි සිදුව ඇති බවයි.

මෙම සිදුවීමෙන් වැඩි බලපෑම් එල්ල වි ඇත්තේ පාකිස්තානයේ කාශ්මීරයටයි.

භූ කම්පනයෙන් මියගිය පිරිස අතර ළමුන් බොහෝ පිරිසක්ද සිටින බවත් තුවාල ලැබූ පුද්ගලයන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රෝහල් වාර්තා සඳහන් කරයි

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ විපතට පත් පුද්ගලයන් සඳහා හදිසි ප්‍රතිකාර හා සහන සේවා සැපයීමට මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් යවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

හිටිහැටියේම ගිලා බහින චීන ඉඳිකිරීම්(වීඩියෝ)

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අදයි

Mohamed Dilsad

Leave a Comment