ප්‍රමුඛ පුවත 1

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

(UTV| කොළඹ) – අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (23) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් අද කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

තවද හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.එම් ස්වාමිනාදන් මහතාද සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීමේදී අමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීමේදී සිදුවු වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාට මෙම කැඳවීම සිදුකර ඇති අතර නිවාස අධිකාරීය සඳහා නිත්‍යානුකුල නොවන ආකාරයෙන් පත්වීම් ලබා දීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුුතු කරන පිරිස් සඳහා 20 වසරක සිරදඬුවමක්

Mohamed Dilsad

ආගමික සහජීවනයෙන් ගැටුම් නිරාකරණය කරන හැටි ජනපති පෙන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment