ප්‍රමුඛ පුවත 1

ලබන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – විධායක ස්වාවන් සඳහා රු. 50,000/= ක දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාවකට මුදල් අමාත්‍යංශයේ නිර්දේශ සහිතව 2019.09.24 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් එළබෙන සඳුදා(23) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වන ලෙස සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය සේවාව යනු විවිධ සේවා වලින් සැදුම් ලත් සාමූහික ක්‍රියාවලියක් වන අතර රාජ්‍ය සේවයේ එක් සේවාවක් වන විධායක ස්වාවන්ට පමණක් එලෙස දීමනාවක් ලබා දීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයේ දැඩි විෂමතාවයක් ඇති විම තුලින් අනෙතුත් සියළු සේවාවන් සදහා දැඩි අසාධාරණයක් සිදුව ඇති බව ඔවුන් සඳහන් කරයි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිතියට අයත් සංගම් 18ක් පමණ එදින මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයේ දීමට සුදානම්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

එජාපය බහුතරයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස තරඟ බිමට [VIDEO]

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment