ප්‍රමුඛ පුවත 1

කාරක සභාවේ සාමාජිකයන් හෙට ජනපතිගෙන් ප්‍රකාශ ගනී

(UTV | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයාබැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (20) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

අදාළ ප්‍රකාශයන් සටහන් කරගැනීම සදහා කාරක සභාවේ සාමාජිකයන් ජනාධිපතිතුමාගේ නිල නිවස වෙත යන යන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජනපතිතුමාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනමාධ්‍ය වෙත විවෘත නොකිරීමට කාරක සභාව තීරණය කර තිබෙන අතර , අදාළ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්වී සාකච්ඡා කර තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

මැතිවරණය ගැන පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානමින් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment