ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

(UTV| කොළඹ) – දිවයින පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

තවද මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල්මුණේ උපවාසයේ නිරත හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු උපවාසය අත්හරී

Mohamed Dilsad

නැවත පදිංචි මුලතිව් වැසියන්ට යුද හමුදාවෙන් ලේ දන් දෙයි

Mohamed Dilsad

කෝටියක් වටින හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment