ප්‍රමුඛ පුවත 1

ගිගුරුම් සහිත වැසි තවදුරටත්[VIDEO]

(UTV | කොළඹ) – අද දිනයේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කැළණි ගඟේ නාගලගම්වීථියේ ජල මට්ටම ඊයේ අවදානම් මට්ටමට පැමිණියත් එය මේ වනවිට අඩුවෙමින් පවතින බවත් , කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගිය ද නිල්වලා ගඟේ සහ අත්තනගලුඔයේ ජල ගැලීම් අවදානම අඩු වෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එමෙන්ම, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් අද දහවල් 12 දක්වා ක්‍රියාත්මකව පවතියි.

Related posts

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පියාට මරණ දඩුවම

Mohamed Dilsad

දියතලාවේ බස් රථය තුල සිදුවූ පිපිරීම ඇත බෝම්බයක් බවට සැකයක්

Mohamed Dilsad

නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලට

Mohamed Dilsad

Leave a Comment