ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පියාට මරණ දඩුවම

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (30) මරණ දඩුවම නියමකර තිබේ.

මරණ දඩුවම නියම වූ විත්තිකරු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක් වයසැති දෙදරු පියෙකි.

සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ 2017 වසරේ මැයි මස 17 වනදායි.

2017 වසරේ මැයි මාසයේදී මෙම විත්තිකරු හෙරොයින් ග්‍රෑම් 9.6 ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහුට එරෙහිව පෙර වැරදි හයක් ද තිබුණු බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වතු කම්කරුවන්ට අදත් ඇබැද්දියක්

Mohamed Dilsad

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Mohamed Dilsad

යල කන්නයේ වී මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment