විදෙස්

ලොව ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලෙයි

(UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන ලොව ප්‍රථම මැලේරියා එන්නත අද (13) කෙන්යාවේදී අත්හදා බැලෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි .

මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර 3 තුළ තුන් ලක්ෂයක් ළමයින්ට අදාළ එන්නත ලබාදීමට නියමිතයි.

මැලේරියා රෝගයෙන් වසරකදී ලොව පුරා හාරලක්ෂයකට අධික පිරිසක් මිය යන අතර, ඉන් බහුතරයක් ළමයින් වීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය පවසන්නේ මැලේරියා රෝගයට එන්නතක් සංවර්ධනය කිරීම සඳහා වසර 30කට අධික කාලයක් ගත වු බවයි.

මෙම වැඩසටහන මගින් ක්‍රියාත්මක වන නව එන්නත සාර්ථක වුවහොත් ලොව පැරණිතම රෝගයක් වන මැලේරියා රෝගයට එරෙහිව ජය ගැනීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට…? බොරතෙල් මිල පහළ ට

Editor O

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment