ප්‍රමුඛ පුවත 1

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ කිරීම හේතුවෙනි.

ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී මෙම ජංගම දුරකතන දෙක සහ චාජර් සොයාගත් බව පොලිසිය පවසයි.

අදට යෙදෙන සිරකරු දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් මුණ ගැසීමට අවස්ථාව ලබාදී තිබුණි.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු පිරිස එහි පැමිණ සිටියහ.

අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනා රත්ගම පොලිසිය භාරයේ පසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිවෙකුගේ ජන්ද කැඩීමට අපේක්ෂාවක් නැහැ – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර හා අසාධාරණ දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර නිසා වෙසක් කලාප වලටත් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment