ප්‍රමුඛ පුවත 1

කටාර් සංචාරකයන්ට දැමු තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කරුණු දක්වයි

(උදයම්,කොළඹ)  –  මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස කටාර් රාජ්‍ය විසින් එරට වැසියන්ට කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා  කරුණු පහදයි.
විදේශ අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඉන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ AH1N1  වෛරසය පැතිර යාමේ භයානක තත්ත්වයක්  නොමැති බවයි.
AH1N1  වෛරසය මේ වනවිට රටවල් රැසක පැතිර පවතින සාමාන්‍ය ඝණයේ රෝගී තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ AH1N1  වෛරසය පැතිරයාමේ ඉහළ ප්‍රවනතාවක් පැවතිය ද එය සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් භයානක තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ඇසළ වීරකෝන් මහතා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ.

Related posts

රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 දීමනාවට අදාල චක්‍රලේඛය නිකුත් වේ

Mohamed Dilsad

ඇමති සාගල පොලීසියට දෙහි කපයි

Mohamed Dilsad

තමාට එරෙහි චෝදනා සියල්ල අගමැති ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment