ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 දීමනාවට අදාල චක්‍රලේඛය නිකුත් වේ

(UTV| කොළඹ) – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 මාසික අන්තර් දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම දීමනාව ලබන ජුලි මස1 වනදා සිට ලබාදීමට යෝජනා වී තිබේ

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මෙය මහා භාණ්ඩාගාරයේ එකඟත්වය ඇතිව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

මෙවර අයවැය මගින්, අන්තර් දීමනාවක් ලෙස රුපියල් 2500 ක් ජූලි පළවනදා සිට ගෙවනු ලැබූව ද රාජ්‍ය සේවකයින්ට හට මාසිකව ගෙවනු ලබන රුපියල් 7800 ජීවන වියදම් දීමනාව ගෙවීම ද තවදුරටත් එලෙසම සිදුකෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment