ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්

(UTV| කොළඹ) – නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ හේතවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුද අවම කර  ගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නැගෙනහිර, ඌව, උතුරු මැද, උතුරු සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව වාර්තා වෙයි.

මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

තවද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට තැතැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

Mohamed Dilsad

Leave a Comment