ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ඡන්දයට තැතැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන 341 ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ සඳහා වන තැපැල් ඡන්ද විමසීම ජනවාරි 25 සහ 26 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත.

මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල සමඟ තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකෙරේ.

තැපැල් ඡන්ද විමසීමෙන් පසු එම ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන සඳහා පත්කොට ඇති තේරීම් බාර නිලධාරීන් වෙත යවනු ලබන අතර ඔවුන් විසින් ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත යවනු ඇත.

එහිදී අනෙකුත් ඡන්ද පත්‍රිකා සමඟ මිශ්‍රකොට එම තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන බවද මහින්ද දේශප්‍රිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසීය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කොට ඇති මාධ්‍ය උපමාන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙරටේ ආර්ථික,වෙළෙද,දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට රුසියානු ජනපතිගෙන් පොරොන්දු

Mohamed Dilsad

පළාත් කිහිපයකට හෙට සහ අනිද්දා තද වැසි…

Mohamed Dilsad

කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගිය ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment