ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

(UTV| කොළඹ) – මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව බවත් පවසා සිටි ඔහු  ඒ පිළිබඳව ඔහුගේ දැඩි කණගාටුව  ප්‍රකාශ කර තිබේ.

හිටපු සහ දැනට ක්‍රීඩා කරන සියළුම ක්‍රීඩකයන් මේ හේතුවෙන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත් ක්‍රීඩා සමාජ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව වංචාවෙන් සහ දූෂණයෙන් තොර කිරීම එන්.සී.සී. ක්‍රීඩා සමාජයේද වගකීමක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

මෙසී, ප්‍රංශ පාපන්දු සමාජයකට එක් වෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය සිම්බාබ්වේට හිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment