ප්‍රමුඛ පුවත 1

අකුරැස්සේ වෙඩි තැබීමක්.

(UTV| කොළඹ)  –  අද(06) අළුයම 1ට පමණ අකුරැස්ස, තිබ්බොටුවාව හංදිය අසල ප්‍රදේශයකදී සිදුකල වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් ගමන් කළ  සැකකටයුතු පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

රාත්‍රි යතුරුපැදි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරු පැදියක් නැවත්වීමට උත්සහ කර තිබේ.

එහෙත් ඔවුන් එම අණ නොතකා පළා යාමට උත්සහ කිරීමේදී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් ඇත.

පසුව යතුරු පැදියේ සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් .

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

අප්‍රේල් 03 වෙනිදා සිට කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වැටලීම් පුළුල් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment