ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් 03 වෙනිදා සිට කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වැටලීම් පුළුල් කරන්න සුදානම්

(UTV|හිගුරක්ගොඩ) – කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් මස 03 වැනිදා සිට වඩාත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අප්‍රේල් 03 වනදා රටේ සියලු දෙනා මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි.

ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධවී ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය[VIDEO]

Mohamed Dilsad

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

Leave a Comment