ප්‍රමුඛ පුවත 1

විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැඩවර්ජනයේ

(උදයම්,කොළඹ)  – ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ඊයේ (05) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවය.
කෙසේ වෙතත් එක්දින සංඛේත වැඩවර්ජනයක් ලෙස මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කල ද තම මුලික ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට සූදානම් බවද විදුලි සේවකයෝ පවසති.
කෙසේ වෙතත් වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් ද සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අද දෙරණ විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු කළේය.
එහිදි ප්‍රකාශකයෙකු සඳහන් කලේ අදාළ සේවකයින් සඳහා විසදුම් ලබාදීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර විදුලිය බිඳ වැටීමකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා සියලු කටයුතු සැළසුම් කර ඇති බව විදුලිබල හා පුණර්ජණනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සුදු සීනි මීල ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

Mohamed Dilsad

Leave a Comment