ප්‍රමුඛ පුවත 1

ඇමති අකිල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබදව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහාය.

ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ(01) සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විට්සර්ලන්තයේදී මෙරට අගමැති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

Mohamed Dilsad

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

Mohamed Dilsad

Leave a Comment