ප්‍රමුඛ පුවත 1

වාද්දූව සහ සීනිගම රථ වාහන ගමනාගමනය සීමා වෙයි

(UTV | කොළඹ) – වාද්දූව – තල්පිටිය දළදාවත්ත විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර හේතුවෙන් අද (31) රාත්‍රී 8 සිට හෙට (01) අලුයම 1.30 දක්වා විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

මේ අනුව පෙරහැර ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ගමන් කරන අවස්ථාවේදී එම ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

මේ අතර සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද සිට ලබන 03 වනදා දක්වා ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කෙරෙන අතර , ඒ අනුව අද පස්වරු 1.10 සිට පස්වරු 6.00 දක්වා රිය ධාවනය සීමා කිරීමට නියමිතය.

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment