ප්‍රමුඛ පුවත 1

අද මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් [VIDEO]

(UTV| කොළඹ) – කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) ක්‍රියාත්මක වෙයි.  

පෙරවරු 7.00 සිට 9.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත් එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන අතර , හෙට (31) සිට ලබන මස 10 වනදා දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි පෙරහුරුවක් ලෙස අද එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි.

ඒ අනුව , මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දෙස සිට වැල්ලවත්ත දෙසට ගමන්කිරීමේදී පැල්මයිරා මාර්ගය ඔස්සේ ගාලු පාරට අවතීර්ණ වියයුතු අතර , මුහුදුබඩ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන රථවාහන වැල්ලවත්ත දුම්රිය ස්ථානයත් බම්බලපිටිය දුම්රිය ස්ථානයත් අතර ඇති හේග් පාර ඔස්සේ ගාලු පාරට ගමන්කළ යුතු වෙයි.

ගාල්ල දෙස සිට කොළඹට ඇතුල්වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස රත්මලාන අත්තිඩිය මාර්ගය ඔස්සේ පැපිලියාන මංසන්ධිය හරහා කොහුවලට පැමිණ කොළඹට ඇතුල් විය හැක.

එසේම මාර්ග තදබදය අවම කරගැනීම සඳහා දෙහිවල ගුවන් පාලම අසලින් නැදිමාල දෙසට පැමිණ පැපිලියාන ඔස්සේ කොළඹට පැමිණිය හැකි බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 65 දෙනෙක් මෙක්සිකෝවේදී පොලිස් භාරයට

Mohamed Dilsad

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස්හි ණය ගිවිසුම්වල අන්තර්ගතය ගැන ගැටළුවක්

Mohamed Dilsad

Leave a Comment