ප්‍රමුඛ පුවත 1

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

(UTV| කොළඹ) – යාපනය චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට දුෂණය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන ලෙස චුන්නාකම් විදුලි බලාගාර පාලනාධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ පාරිසරික ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

මහජන අර්ථසාධක නඩුකරයක් ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා අධිකරණය ප්‍රකාශ කළේය.

එම විදුලි බලාගාරය හේතුවෙන් භූගත ජලයට තෙල් හා ග්‍රීස් මිශ්‍රණය වී ඇති හෙයින් ප්‍රදේශවාසීන් 500ක් වෙනුවෙන් උපරිමය රැපියල් 40000ක් දක්වා මෙම වන්දි මුදල ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරනවා [VIDEO]

Mohamed Dilsad

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසයි

Mohamed Dilsad

Leave a Comment